Thursday, July 21, 2011

.


ලොව ආරක්ෂක අංශ අතර වේගවත්ම මිනිසා කටාරයෙන් - ගැහැණිය යුක්රේනයෙන්


වේගවත්ම ගැහැණිය යුක්රේනයෙන්

වේගවත්ම මිනිසා කටාරයෙන්

පස්වන ජගත් ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ඉසව්ව ජයගත් කටාරයේ ඔගුන්ඩේ ෆෙමි සියොන් ජගත් ආරක්ෂක අංශ අතර වේගවත්ම මිනිසා ලෙසත් කාන්තා මීටර් 100 ජයගත් යුක්රේනයේ මාරියා රිමියොන් වේගවත්ම කාන්තාව ලෙසත් කිරුළු පැළදීය.

පිරිමි ඉසව්ව ජයගත් ෆෙමි එහි මූලික තරග වල සිටම පැහැදිළීව ඉදිරියෙන් සිටියේය.ඒ විශ්වාසය සමග 0.129 ක ඉතාමත් හොද ප්‍රතික්‍රියා වේගයක් සහිත ආරම්භයක ට පිවිසි ෆෙමි අවසාන තරගයේ දී සිය ජයග්‍රහණය සනිටුහන් කළේ තත්පර 10.07 ක කාලයක් සමගින් නව උළෙල වාර්තාවක් ද සමගය.

යුක්රේනය නියෝජනය කරන 24 හැවිරිදි මරීයා ද මූලික තරගයේදී ද ප්‍රථමයා ලෙස තරගය නිමා කළ අතර ඇයට යහපත් ආරම්භයක් ගැනීමට අවකාශ නොලැබිණි.0.206 ක ආරම්භක වේගයක් සමග තරගයට පිවිසි ඇයගේ ජයග්‍රාහී තරග නිමා කිරීමේ කාලය කක්11.34 කි.


Fri, Jul 22, 2011 at 8:19 AM